රේල් පාරේ බසය ගෙන ගිය රියදුරා අල්ලයි: වලංගු රියදුරු බලපතක්වත් නෑ!

මගීන්ගේ ජීවිතවලට මරණීය තර්ජන එල්ල කරමින් අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේ දී ඉතා අන්තරාදායක ලෙස දුම්රිය මගේ බස් රථය ගෙන ගිය රියදුරා ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ මාර්ග තදබදය මගහැරීමට ඔහු මෙලෙස බස් රථය දුම්රිය මග දිගේ ධාවනය කර තිබුණා.

කෙසේ වෙතත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයාට රිය පැදවීමට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවයි.

වයස අවුරුදු 45ක් වන සූරියවැව පදිංචි මෙම පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය පසුගිය පෙබරවාරි මාසයේදී සිව් මසකට අත්හිටුවා රුපියල් 25000ක දඩයක් අධිකරණය නියම කර තිබෙන්නේ බීමත්ව රිය පැදවීමේ වරදට දඬුවම් වශයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles