ආර්ථිකය ආර්තවයට කළ බලපෑම: කාන්තා දිනයේම හෙළිදරව්වක්

ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබුවේ ඊයේ (8)යි. ඒ අතර වාර්තා වන තොරතුරක් සමාජයේ වැඩි අවධානයක් දිනාගත යුතු වෙනවා. එනම් පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

ආර්ථික අර්බුදය හමුවේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවත් එමගින් කාන්තාවකගේ ජීවවිද්‍යාත්මක ආර්තව චක්‍රයට ඇති කරනු ලබන බලපෑම අවධානය යොමු කළයුතු මට්ටමක පවතින බව එම සංවිධානය පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles