ඉදිරි මැතිවරණ සියල්ලටම මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මෙම පනත ජනමත විචාරණයකට හැර පැවැත්වීමට නියමිත සෑම මැතිවරණයකටම යොදා ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු අංශ දැනුවත් කර ඇති බවද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles