සෝපානය අක්‍රීයයි – තැපෑලේ වැඩවර්ජනයක්

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ මහල් 8 කින් සමන්විත ගොඩනැගිල්ලේ අක්‍රිය වී ඇති විදුලි සෝපාන දෙක අලුත්වැඩියා නොකිරීමට එරෙහිව වැඩවර්ජනය ආරම්භ කළ බවයි.

දෛනිකව 3000කට අධික පිරිසක් එම ගොඩනැගිල්ල භාවිත කරන බවද භාණඩ සඳහා වූ සෝපානය ද ක්‍රියාත්මක වන්නේ 5 වන මහල දක්වා පමණක් බවත් එතැන් සිට තැපැල් භාණ්ඩ තැපැල් සේවකයින් රැගෙන යා යුතු බවත් ඔහු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles