රාජ සභාව කඩා හිරේ ගිය හිටපු නගරාධිපති කෝටියක නීතිඥ ගාස්තු නගර සභාවෙන් අරන්!

බුවනෙකබාහු රජු සමයේ රාජ සභා මණ්ඩපය කඩාදැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව සිරදඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් රුපියල් කෝටියක පමණ මුදලක් වැය කර තිබෙන බව වාර්තා වෙනවා. එම මුදල හිටපු නගරාධිපති ඇතුළු පිරිසෙන් ආපසු අයකර ගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර තිබෙනවා.

රාජ සභා මණ්ඩපය කඩා දැමීම නගර සභාවට අයත් පොදු කටයුත්තක් බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කීප දෙනෙකුටම ගාස්තු ගෙවීම සඳහා නගර සභා පොදු ගිණුමෙන් මෙම මුදල ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට එම මුදල ප්‍රතිපූරණය කර ගැනීමට නගර සභාව විසින් අධිභාර නිවේදන ඔවුන් වෙත යැවීමට කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles