වන සතුන්ගේ වගා හානියේ තරම හිතාගැනීමට බැරි තරම්!

වන සතුන්ගෙන් වන වගා හානි ප්‍රමාණය ඉතා විශාල වී තිබෙනවා. රිලවුන්, වල් ඌරන්, ඉත්තෑවන්, මොනරුන් ආදීන් නිසා සිදුවන වගා හානිවලට මේ වන තෙක් නිශ්චිත විසඳුමක් නොලැබුණු අතර රිලවුන් චීනයට පැටවීම යන කරුණත් සත්ව සංවිධාන නිසා යටපත්ව ගියා.

ඒ අතර පසුගිය 2022 වසරේ බෝග වර්ග ටොන් එකලක්ෂ හතළිස් හතර දහස් නවසිය අසූනමයක් (144999) වන සතුන් නිසා විනාශ වී ඇති බව වාර්තා වෙනවා. සතුන් කා දැමීම නිසා පොල් ගෙඩි මිලියන 93ක් විනාශ වී තිබෙනවා. මෙය ජාතික ආදායම විශාල වශයෙන් අහිමි වීමක්. එම වසරේ වගා පාළුව නිසා රටට රුපියල් මිලියන 30000ක් අහිමිව තිබෙනවා.

මෙම ගැටලුවට ආගමික නොවන ප්‍රායෝගික විසඳුමක් ඉතා අවශ්‍ය බව කෘෂි විද්‍යාඥයන් සඳහන් කරනවා. රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්වයට පත්ව ඇති තත්වයකදී මෙවන විනාශයක් සිදුවෙමින් තිබීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව කටයුතු කළ යුතු බවයි ඔවුන් පවසන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles