කළුතර පොලිස් කොට්ඨාස තුළ බහුලව මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් ඉගෙනුම ලබන පාසල් හයක් කළුතර පොලිස් බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ පවසනවා.
කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මෙම අදහස් දක්වා ඇති බවයි සඳහන් වන්නේ.
“එම හදුනාගත් පාසල් අතර ජනප්‍රිය පාසල්ද ඇතුළත්, ඒවායේ නම් සඳහන් කිරීම පාසල්වල කීර්ති නාමයට හානියක්. විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් දැනුවත් කළා. මේ වනවිට පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට පෙළඹිලා. මේ මත් උවදුරෙන් පාසල් ළමුන් ගලවාගැනීමට අපි විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.”
“පසුගිය මාසයක කාලය තුළ දී ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම් කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 17ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකළා. යුක්තිය මෙහෙයුම නිසා සමස්තයක් වශයෙන් කළුතර මත්කුඩු ව්‍යාප්තිය අඩුවෙලා…”
මෙලෙස ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
කළුතර කොට්ඨාසයේ 2023 වර්ෂයේ හෙරොයින් සම්බන්ධ නඩු 1,334ක්, අයිස් පිළිබඳ නඩු 904ක්, මත්පැන් නඩු 5,880ක් ඇතුළුව නඩු 10,586ක් පනවා තිබෙන බව එහි දී සඳහන් කරනු ලැබුවා.
කමිටුවේ රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කියා සිටියේ පොඩි අය පමණක් නොව මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ තෝරු මෝරු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි.