නොදරුවාට කෲර ලෙස වධ දුන් පියා අත්අඩංගුවට

කුඩා දරුවෙකුට කෲර ලෙස සැළකූ පියෙක් ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (24) රාත්‍රීයේදී ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේ අවුරුදු 3යි මාස 6ක කුඩා පිරිමි දරුවෙකුට කෘෘර ලෙස සලකන බවට 118 කෙටි පණිවුඩ මධ්‍යස්ථානයට ආ ඇමතුමක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පැමිණි ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අවුරුදු 24 ක් වූ අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කරන්දෙණිය, අනුරුද්ධගම ප්‍රදේශයේ පදිංචි අරක්කැමිවරයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරුගේ වයස අවුරුදු 24ක් වන බිරිඳ රැකියාවක් සඳහා විදේශගතව ඇති අතර, සැකකරු සහ එම දරුවා පමණක් නිවසේ සිට තිබෙනවා.

සැකකරු විසින් දරුවාගේ අත් ඔසවා බිම දණ ගස්වා දරුවා විසින් ආහාර ඉල්ලා සිටිමේ දී පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත්, දරුවාගේ එක් පාදයක් පාපැදියක ඉදිරිපස රෝදයට යට කරමින් කෘෘර වධහිංසා සිදුකර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව සඳහන්.

එම සැකකාර පියා මෙලෙස දරුවා කෘෘරත්වයට පත්කිරීමේ වීඩියෝ විදේශගත මවට යොමු කර ඇති බව ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ද නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles