නීතිපතිගේ සේවා දිගුව ගැන අවසන් තීරණය කියයි

නීතිපති සංජය රාජරත්නම්ට සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා.

වසරක කාලයක් සඳහා නීතිපතිවරයා ලෙස සංජය රාජරත්නම් පත් කිරීමට අදාළ යෝජනාව ඉකුත් දිනෙක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර අවස්ථා දෙකකදීම අදාළ යෝජනාව අවසන් තීරණයකින් තොරව කල් දැමීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළා.

වත්මන් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහා වන ජනාධිපතිවරයාගේ යෝජනාවට විවිධ පාර්ශවවලින් පසුගිය දිනවල චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත් මීට පෙර කටයුතු කළ කිසිදු නීතිපතිවරයෙකුට සේවා දිගුවක් ලබාදී නැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles