නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්ට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිත බව වාර්තා වෙනවා.
මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00 ට රැස්වීමට නියමිතයි.
නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස්වුවද එහිදී අවසන් තීරණයක් නොගත් අතර ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාට දෙසැම්බර් මස 31 වෙනිදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහායි.
නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා කාලය ජූනි 26 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
මෙම නිර්දේශය සම්බන්ධයෙන් බොහෝ දුරට අද අවසාන තීරණයක් ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර ජනාධිපතිවරණය ළඟ එන අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පසුගියදා සිය විරෝධය පළ කරනවා.