මාතලේ, විල්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ ටී 56 ගිනිඅවියක් ඊයේ (මාර්තු 25) අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ, පොලිස් ආරක්ෂාව සඳහා රැඳී සිටි නිලධාරියා සතුව තිබූ ගිනි අවිය මෙලෙස අතුරුදන් වී ඇති බවයි.
ගිනි අවිය අතුරුදන් නිලධාරියා පොලිස් විමර්ශනවල දී සඳහන් කර ඇත්තේ, ඔහු ආරක්ෂක ස්ථානයේ අසල තිබූ පුටුවක වාඩි වී සිට ඇති අතර ගිනි අවිය පසෙක තබා සිටිය දී යම් කිසි පුද්ගලයෙකු විසින් එය සොරකම් කරනු ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම නිලධාරියාගේ ප්‍රකාශය එක එල්ලේ ම පිළිනොගන්නා බවත් මේ වනවිට මාතලේ කොට්ඨාස භාර නිලධාරිවරයා අදාළ පොලිස් ස්ථානයට ගොස් එම ස්ථානය පරික්ෂණ සිදු කර ඇති බවද සඳහන් වෙනවා.
ගිනි අවිය අතුරුදන් නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර අතුරුදන් ගිනි අවිය යම් කිසි පුද්ගලයෙකු සොරා ගත්තා ද? නැත්නම් මේ පිටුපස වෙනත් සැලසුමක් තිබෙනවා ද? යන්න මේ සියල්ල තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.