මෙරට ප්‍රථම කේබල් කාර් ගමන් අම්බුළුවාවෙන් ඇරැඹේ

මධ්‍යම කඳුකරයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු ආගමික අභයභූමිය සහ ජෛවවිවිධත්ව කලාපය වන අම්බුළුවාවේදී ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

මේ සඳහා ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ගිවිසුමක් අත්සන් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) නිවේදනය කර තිබෙනවා.

මෙම ගිවිසුම අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් සිදුවන බව ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් කෝපරේෂන්හි තාක්ෂණික සහ නිෂ්පාදන විශේෂඥතාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් රථය ඉදිකරනු ලබන බව ආයෝජන මණ්ඩලය එහිදී සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles