රයිසිගේ හෙලිකොප්ටර් අනතුරේ පළමු වාර්තාව එළියට

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පළමු වාර්තාව නිකුත් කර තිබෙනවා.

හෙලිකොප්ටරය නියමිත මාර්ගයේ ගමන් කර ඇති අතර සිද්ධියට මිනිත්තු එකහමාරකට පමණ පෙර හෙලිකොප්ටරයේ නියමුවා ජනාධිපතිවරයා සමග ගමන් ගත් අනෙක් හෙලිකොප්ටර් දෙක අමතා ඇති බව එහිදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිද්ධිය නිරීක්ෂණය සඳහා පසුගිය 19 වෙනිදා විශේෂඥයින් සහ කාර්මික ශිල්පීන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ විර්ශන කමිටුවක් අනතුරු සිදු වූ ස්ථානයට ගොස් තිබුණා.

‍හෙලිකොප්ටරයේ සුන්බුන් මත වෙඩි උණ්ඩ හෝ ඒ් හා සමාන භාණ්ඩ පිළිබඳ කිසිදු හෝඩුවාවක් ද අනාවරණය වී නොමැති අතර, කන්ද මතට කඩා වැටීමෙන් පසු හෙලිකොප්ටරය ගිනිගෙන ඇති බවට එම විමර්ශන වලදී අනාවරණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles