ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද මැන්චෙස්ටර් හීදී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දනංජය ද සිල්වාට හිමිව ඇති අතර අද තරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක ටෙස්ට් වරම් හිමිකර ගැනීමට සමත් වුණා.
මිලාන් වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් සිය ක්‍රිකට් ගමන් ආරම්භ කළ අතර ඔහු ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත් 166 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වේ . එමෙන්ම වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ටෙස්ට් වරම් හිමිකර ගත් පළමු ක්‍රීඩකයා ඔහු වීමද විශේෂත්වයක්.