කෝටි ගණනක මත් කුඩු සමඟ විදෙස් කතක් අත්අඩංගුවට

හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවාගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදි අත්අඩංගුවට ගනු ලැබුවා.

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් හත් කෝටි තිස් පන් ලක්ෂයක් පමණ වන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය 57 හැවිරිදි පාකිස්තාන ජාතික කාන්තාවක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන බව අඟවමින් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යෑමට තැත්කර තිබෙනවා.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක වෙනම ඇසුරුමක් ලෙස මෙම හෙරොයින් තොගය සකස් කර සඟවාගෙන තිබෙන අතර එහි කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 450ක් බරැති හෙරොයින් තොගයක් තිබුණු බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles