නාලන්ද එල්ලාවල ඝාතන සිදුවීම පාදක කරගෙන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනි තබා විනාස කිරීම, කඩයකට අනර්ථයක් සිදු කර එවක රුපියල් 50000ක හානියක් සිදුකිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් විභාග වුණ නඩුවක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් වුණා. ඒ රත්නපුර මහාධිකරණයේදී. එහිදී වරදකරුවන් වූයේ රත්නපුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක්.
ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිත් කළ අභියාචනා පෙත්සම ද මින් පෙර නිෂ්ප්‍රභ කෙරුණා.
මෙලෙස වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවක කලුආරච්චි ඇතුළු 7 දෙනෙක්ට බරපතළ වැඩ සහිතව වසර 5 1/2 ක සිරදඬුවම් නියම කෙරුණා.