හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර සමුළුවක් වෙනුවෙන් කාම්බෝජය වෙත ගොස් තිබෙනවා.
ඔහු එරටට ගොස් ඇත්තේ ලෝක නායකත්වය සමුළුවේ සමාරම්භක උළෙලටයි.
ඔහුට එම සමුළුවට ආරාධනා කර තිබෙන්නේ සාම සමුළුව බවයි ආරංචි මාර්ග තහවුරු කරනු ලැබුවේ.
එසේම කාම්බෝජයේ මේ දිනවල පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නියෝජිතයෙකු වශයෙන් ද හිටපු ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත වනවා.