කළුතර හෝටලයක හිමිකරුවෙකු ලෙස පෙනී සිටිමින් විදෙස් සංචාරකයෙකු රවටා උළුදු වඩයකට සහ තේ කෝප්පයකට රුපියල් 800ක මිලක් අය කරන දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වුණා.
එම වීඩියෝ දර්ශන අනුව එකී විදේශ සංචාරකයා එම ආහාරවල සැබෑ මිල ගණන් මාර්ගයේ ගමන් කළ අයගෙන් විමසා දැනගන්නවා.
කෙසේ වෙතත්, බංකොලොත් වුණු රටක විදෙස් සංචාරකයන්ගේ ආදායම ඉතා වැදගත් මොහොතක මෙලෙස අමනෝඥ ලෙස ක්‍රියාකරන කළුකඩකරුවන් ගැන සමාජයේ බොහෝ දෙනා විවේචනය කරමින් අදහස් පළ කරනු ලැබුවා.
මොරගල්ල සංචාරක පොලිසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු එම කඩයේ හිමිකරු නොවන බවත් සංචාරකයන් රවටා මුදල් ගරා ගන්නා අයෙකු බවත් හෙළිව තිබෙනවා.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සහ සංචාරක පොලිසිය විසින් අදාළ හෝටලය හිමිකරුට දැඩි ලෙස අවවාද කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.