පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිව සිටිය දී රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට පත් සුපුන් ශෂින්ද්‍ර පතිරගේ යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණා. ඒ අල්ලස් කොමිසම කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම නිසා තම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බව කියමින්.
කෙසේ වෙතත් ඊයේ(20) එම පෙත්සම සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර දැමුවේ එය ඉල්ලා අස් කර ගැනීමට කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරමින්.
අල්ලස් කොමිසම විසින් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ පෙත්සම්කරු අධිකරණය හමුවේ සාවද්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවයි.