ව්‍යාජ ඖෂධ සෙල්ලම ඔඩු දුවයි: හොර පාරෙන් ආ එන්නත් 2000ක් රෝගීන්ට දීලා!

ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය ලෙස දක්වමින් ව්‍යාජ ඖෂධ ගෙනා ජාවාරම්කාර සමාගම මගින් ම කළ තවත් ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර සඳහා භාවිතා වන rituximab එන්නත් යැ යි කියමින් තවත් එන්නත් 2200ක් පමණ ඖෂධ අධිකාරියේ ලියාපදිංචියකින් තොරව ගෙන්වා ඇතැයි ද එම එන්නත් 2000ක් පමණ මේ වන විට රෝගීන් සඳහා ලබා දීත් අවසන් බවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

මෙලෙස මිලදී ගෙන ඇති එක් එන්නත් මාත්‍රාවක් සඳහා රු. 50000ක පමණ මුදලක් ගෙවා ඇතැයිද කුමුදේශ් සඳහන් කළා. මෙම එන්නත් තොගය සඳහාද රුපියල් මිලියන ගණනක් ගෙව ඇති බවයි පැවසෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles