දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර අද (23) අලුයම අනුරාධපුර දුම්රිය නිවාඩු නිකේතනයේ සිටියදී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
අනුරාධපුර දුම්රිය ස්ථානයට අනුුබද්ධව ඉදිකෙරෙන ගොඩනැගිල්ලක් හා මහව අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සදහා ඊයේ (22) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු නිලධාරී කණ්ඩායක් අනුරාධපුරයට ගොස් ඇති අතර අනුරාධපුර දුම්රිය නිවාඩු නිකේතනයේ සාමාන්‍යාධිකාරිවරයා ලැගුම් ගෙන තිබෙනවා.
අද උදෑසන ඔහු අවදි නොවීම නිසාවෙන් කාමරයේ දොර කඩා බැලීමේදී ඇඳ උඩ වැතිර සිටියදී සොයාගෙන ඇති අතර අනුරාධපුර රෝහලට වහාම ඇතුළත් කළත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බවයි පැවසෙන්නේ.