ත්‍රිරෝද රථයක් සහ තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ තරුණියක් මියගොස් තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ ගලේවෙල නගර මධ්‍යයේදීයි.
තවත් තරුණියක් සහ ඇගේ මව, පියා අනතුරෙන් තුවාළ ලැබ දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර ඇති බවද වාර්තා වෙනවා.
මිය ගිය තරුණිය පොළොන්නරුව, දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 2022 වසරේ කලා අංශයෙන් උසස් පෙළ හදාරා දිස්ත්රික්කයෙන්ම තෙවැනියා බවට පත් වූ බවත් සරසවි අපේක්ෂාවෙන් සිටි බවත් වැඩිදුරටත් දැනගැනීමට ලැබෙනවා.