හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර රෝහලට ඇතුළත් වීමට සඳහන් කර ඇති ලෙඩ රෝග ප්‍රමාණය අනුව මෙරට රෝහල්වලින් ඖෂධ ලබා දී සෑහීමකට පත් වීමට නොහැකි විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.
ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවුණු බව පෙනුණු රඹුක්වැල්ල අමාත්‍යවරයා, බන්ධානාගාරගත කෙරුණු පසුව ලෙඩ රෝග සංඛ්‍යාවක් සඳහන් කර බන්ධනාගාර රෝහලට ඇතුළත් වීම සහ එවැන්නකට වෛද්‍ය නිර්දේශ ලැබීම සමාජයේ බොහෝ කතාබහට ලක් වුණා.