ආණ්ඩුවට එක චැනල් එකයි – අපට දසදහසයි : අනුර

ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව හෝමාගමදී ඊයේ (10) පැවැත්වුණේ අතිවිශාල කාන්තා ජනකායකගේ සහභාගිත්වයෙන්. එහිදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය ඇතුළු නායක කාරකාදීන් සහභාගී වී සිටියා.

එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියේ ආණ්ඩුවට ඇත්තේ එක් රූපවාහිනී නාලිකාවක් වුවත් තම පක්ෂයට එවැනි නාලිකා දසදහසක් ඇති බවයි. සන්නිවේදනයේදී කාන්තාවන් සතු ශක්තිය පිළිබඳව ඔහු මෙලෙස සඳහන් කරනු ලැබුවා.

තවදුරටත් අදහස් දැක්වූ ජාජබ නායකයා රටේ තත්වය ගැන ද අදහස් පළ කළා,

“අපි පළමුකොටම අපේ රටේ පොදු ජනතාවගේ ආහාර අයිතිය සහතික කරනවා. කන්න නැතුව හදන එක රටකින් වැඩක් නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා ආර්ථිකය රැලි ගගහා පිමි ගගහා වර්ධනය වෙනවලු. නමුත් ජනතාවට කන්න නෑ. කන්න නැති ආර්ථිකයෙන් ඵලය මොකක්ද අපේ රටේ සාමාන්‍යයෙන් මසකට පරිභෝජනය කරන්නේ හාල් මෙට්‍රික් ටොන් 6500යි. මාසෙකට හාල් මෙට්‍රික් ටටොන් 1195,000යි. අවුරුද්දට හාල් මෙට්‍රික් ටොන් විසි තුන් ලක්ෂ හතලිස් දාහයි. ඒ සඳහා අපට සාමාන්‍යයෙන් වී තොග අවශ්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ තිස්පහයි. අපේ රටේ මහ කන්නෙයි යල යලකන්නේ හෙක්ටයාර් ලක්ෂ දහඅටක් පමණ වගා කරනවා. අපේ රටේ අවශ්‍යතාවයට වැඩි සහල් ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. අතිරික්තයකුත් තියෙනවා. නමුත් ගොවියට සාධාරණ මිලකට වී ටික විකුණ ගන්න බෑ පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ටික ගන්න බෑ. අපේ රටේ වී සහල් වෙළඳපොලේ විකෘතියක් තියෙනවා. අපේ රටේ වී වෙළඳපොලෙත් හාල් වෙළඳපොලෙත් ඒකාධිකාරියක් නිර්මාණය කර තිබෙනවා.ඔවුන් තමයි හැමදේම මිල තීරණය කරන්නේ. ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළ සහල් ඒකාධිකාරිය අනිවාර්යෙන්ම බිඳ දමනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles