ආණ්ඩුවට බදු කෝටි 620ක් දැන්ම එපාලු

මත්පැන් නිෂ්පාදනය සමාගම් නවයක් රජයට නොගෙවූ රුපියල් කෝටි 620 කට වැඩි මුදල ගෙවීමට ලබා දුන් සති දෙකක කාලය ඊයෙන් (17) අවසන් වුණා.

නමුත් එම මුදල් නොගෙවූ එම ආයතන සඳහා තවත් මාස තුනක් කල් ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව සති දෙකකට පෙර සඳහන් කලේ ද සති දෙකක් තුළ එම හිඟ බදු නොපියවන්නේ නම්, අදාල සමාගම් සියල්ලේ බලපත්‍ර අහෝසි කරන බවයි.

මෙන්ඩිස්, වයඹ ඩිස්ටලරීස්, මැකලම් බෘෘවරි,කළුතර ඩිස්ටලරීස් ඇතුළු අරක්කු සමාගම් නවයක් කාලයක් තිස්සේ රජයට නොගෙවු හිඟ බදු මුදල් හා ප්‍රමාද ගාස්තු ගෙවීම් නැවත වරක් පැහැර ඇති අවස්ථාවක ද මෙවැනි දිර්ඝ කිරීමක් සිදු කරන්නේ මෙම සමාගම්වල නියෝජිතයන් සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර ඊයේ (17) සිදු කළ  සකච්ඡාවකින් පසුවයි.

එහි දී ද සුරාබදු දෙපාර්තමේන්තුව එකී සමාගම් වෙත දැනුම් දී තිබෙන්නේ මාස තුනක් ඇතුළත හිග මුදල් නොගෙවන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට සිදුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles