බිත්තර ගැන රජය ගත්ත තීරණය

ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතවයි.

අද සිට ලංකා සතොස ආයතනය වෙත එම බිත්තර තොගය බෙදාහැරීමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව කිසිදු හිගයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බව වාර්තා ෙවෙනවා.

එමෙන්ම, තවත් ආනයනික බිත්තර මිලියන 15ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි. 

එම තොග ද, තත්ත්ව පරීක්ෂණ කටයුතු සඳහා කඩිනමින් යොමු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

කෙසේ වෙතත්, අදාළ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව එම බිත්තර තොග ද සතොස අලෙවිසල් ජාලයෙන් මෙන්ම තෝරාගත් සුපිරි වෙළෙඳසල් කිහිපයක් සඳහා බෙදා හැරීමට නියමිතයි.

මේ අතර, පසුගිය සමයේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර සතොස සහ සුපිරි වෙළෙඳසැල් ඔස්සේ රුපියල් 35ක මිලකට පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කා.

නමුත් මේ වන විට එනම් උත්සව සමය එළැඹීමත් සමඟ ක්‍රමයෙන් දේශීය බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය සමයේ රුපියල් 37ක පැවති දේශීය බිත්තර මිල මේ වනවිට රුපියල් 65 සීමාව ඉක්මවා තිබෙන අතර වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ උත්සව සමය වෙනුවෙන් බිත්තර මිල පහළ දැමීම සඳහා තවදුරටත් බිත්තර ආනයනයට අවසර දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles