පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් 20000කට අධික ප්‍රමාණයක් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති බව වාර්තා වෙනවා. මේ බව පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ වාර්තා අනුවයි.
කාන්තාවන්ට එරෙහි ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට විසඳුම් සෙවිමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ගැන වන සාකච්ඡාවකදී මේ කරුණු සඳහන් කෙරුණා.
පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ වෛද්‍ය නෙතාංජලී මාපිටිගම පවසන්නේ මේ ප්‍රචණ්ඩත්වයට ගර්භනී කාන්තාවන් පවා ලක් වන බවයි.