මානව හිමිකම් මහකොමසාරිස් ලංකාව ගැන කණගාටුවෙන් : ඉල්ලීම් රැසක් ඉදිරිපත් කරයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහාය ඇතිව අදාළ සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් පවසනවා.

ඒ ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්.රජය නව සත්‍ය සෙවීමේ යාන්ත්‍රනයක් යෝජනා කර තිබුණ ද සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, වරදකරුවන්ට දඞුවම් ලබාදීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක් ලබාදීමට සියලු දෙනා කැපවිය යුතු බවයි ඔහු එහි අවධාරණය කර ඇත්තේ.

එසේම ඒවා ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අධිෂ්ඨානයක් තිබි යුතු බව පෙන්වා දෙන එම මහකොමසාරිස්වරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ විකාශන නියාමන කොමිෂන් සභා පනතේ වගන්ති රැසක් පිළිබඳ සිය වාර්තාව මඟින් කණගාටුව පළ කරවා.

පසුගිය ජනතා විරෝධතාවලින් බලාපොරොත්තු වූ ආකාරයට ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ ඓතිහාසික පරිවර්තනයක් සිදු ව නොමැති අතර, මේ නිසා දිගු කලක සිට පවතින අභියෝගවලට තොරතුරු සැපයීම තවදුරටත් පමා වන බව ද එම වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකාව අඛණ්ඩව වගවීමකින් තොරව කටයුතු කරමින් සිටින අතර, මෑත කාලීන මානව හිමිකම් උල්ලංඝණය, බලය අනිසි ලෙස භාවිත කිරීම රට තුළ දැකගත හැකි බවත් එහි පෙන්වා දෙනවා.

මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් ද සිය වාර්තාව මඟින් අවධානය යොමුකර ඇති වෝල්කර් ටර්ක් මහතා, පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවත් ජනතාවගේ ආර්ථික සහ සමාජ අයිතීන් සහතික කිරීම, දූෂණයට එරෙහිව කටයුතු කිරීම සහ යුක්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් කෙරෙන ඉල්ලීම් ඇතුළු නිර්දේශ මාලාවක් ද සිය වාර්ෂික වාර්තාව දක්වා තිබෙනවා.

ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ සහ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම්වල ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවත් එය කඩිනම් අවශ්‍යතාවක් සේ සලකා කටයුතු කරන්නැයි මෙරට රජයෙන් සහ මෙරට දේශපාලන පක්ෂවලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles