සැමියා සහ මිතුරා එක්ව බිරිඳ මරා පොලිසි ගිහින්

තලංගම, තලාහේන නිවසක් තුළ දී තරුණ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

තලංගම පොලීසිය පවසන්නේ අදාළ කාන්තාවගේ සැමියා ඔහුගේ හිතවතකු සමග එක්ව මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි කාන්තාවක්.

මියගිය කාන්තාව සිය සැමියා සමග නිවසේ කුලී පදනම මත ජීවත්ව ඇති අතර පුරුෂයා සහ ඔහුගේ යාළුවා විසින් තියුණු ආයුධයකින් පාරදී කාන්තාව ඝාතනය කර නිවසෙහි දොරගුලු දමා පිටව ගොස් තිබෙනවා.

පසුව සැකකරුවන් දෙදෙනාම පොලීසියට පැමිණ මේ සසම්බන්ධයෙන් පැමිණිලි කළ බවයි පොලීසිය පවසන්නේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් 31 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ 44 හැවිරිදි ගලේවෙල පදිංචි අනෙක් සැකකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles