බිරිඳට පොල්ලෙන් ගසා මරා දැමූ සැමියා පෝරකයට

සිය බිරිඳට පොල්ලකින් ගසා බිරිඳ මැරූ ස්වාමිපුරුෂයෙකුට තංගල්ල මහාධිකරණයෙන් අද (11) මරණ දඩුවම නියම කෙරුණා.

2006 වසරේ බෙලිඅත්ත නිවසේ දි සිය බිරිඳට පහරදිමක් සම්බන්දයෙන් තංගල්ල මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින් බෙලිඅත්ත ප්‍රදීප් කුමාර (41) යන අයට තංගල්ල මහාධිකරන විනිසුරු උදේශ් රණතුංග අද (11) මෙම මරණ දඩුවම නියම කළා.

රණසිංහ ආරච්චිගේ දිනූෂා ලක්මාලි යන අයගේ හිසට පොල් ගෙඩියක් වැටී අනතුරක් සිදු වු බව පවසා සිය බිරිඳ රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදි සිද්ධිය සම්බන්දයෙන් විමර්ශන කටයුතු සිදුකල පොලිසිය විසින් සැකකාර ස්වාමි පුරුෂයා පොල්ලකින් පහර දි ඇති බවට සාක්ෂි සහිතව සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබුණා.

ඒ අනුව සිදු කළ දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකරුට අද දිනයේ මරණ දඬුවම් ලබාදීමට නියම කළ බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles