සාහසික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා මාට්ටු

ලුණුගල, කුඹුකන්ඔයේ දියනාමින් සිටි දෙදරු මවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඇයගේ සැමියා සහ ඊට අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගත්බව ලුණුගල පොලීසිය පවසනවා.

ලුණුගල ,කුඹුක්කන් ඔයේ සිය 12 හැවිරිදි පුත්‍රයා සමඟ දියනෑමට ගොස් සිටියදී ගලකින් හිසට හා මුහුණට පහරදී මෙම දෙදරු මව ඊයේ (20) ඝාතනය කර තිබුණා.

ඝාතනය සිදු කළ සැකකාර සැමියා අද (21) අලුයම ලුණුගල නගරයේ දී අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගල, ජනතාපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි රියදුරකු ලෙස රැකියාව කරන දෙදරු පියක් වන අතර සැකකරුට ගමන් කිරිමට ත්‍රීරෝද රථයක් මගින් ගමන් පහසුකම් ලබා දුන් ලුණුගල ජනතාපුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ලුණුගල නගරයේ ගරාජ් හිමිකරුවකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

ඝාතනය ලක් වූයේ ලුණුගල ජනතාපුර තුබහිටියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණසූරියගේ සුමිත්‍රා දමයන්ති (36) නැමති දෙදරු මවක්.

ඇයට අවුරුදු 19 ක දියණියක සහ12 හැවිරිදි පුතෙකු සිටින බවත්, සැකකාර සැමියා සහ ඇය අතර කලක පටන් පවුල් ආරවුල් හටගෙන තිබූ බවද පොලීසිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles