හැඳුනුම්පත් අංකය ම බදු අංකය වෙයි

ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් නිර්මාණය වන බවත් අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ජනතාවට වඩාත් පහසුවෙන් එය බදු අංකයක් ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles