මහත් ආන්දෝලනයක් ඇති කරමින් මෙරට අග්‍රගණ්‍ය කලා කෘතියක් වන අවුකන බුද්ධ ප්‍රතිමාව මත නැගී එයට චීවරයක් පෙරවීමට මූලිකත්වය ගත් වනසිංහ ඒ. අමරනන්ද හෙවත් ලියෝ අමරනන්ද පවසා ඇත්තේ එය වරදක් යැ යි තමා නොසිතන බවයි.
ඔහු වැඩිදුරටත් අදහස් අදහස් දක්වමින් පවසා ඇත්තේ,
‘මම අවුරුදු දාසයක් තිස්සේ මේ වගේ කඨින පිංකම් කරනවා. මීට කලින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට, රුවන්වැලි සෑයට වගේම තන්තිරිමලේ මහ සෑයට මම සිවුරු පූජා කරලා තියනවා.
මට මේ පාර හිතුණා කඨින සිවුර ජීවමාන බුදුන් හා සමාන අවුකන පිළිමට පූජා කරන්න. ඒ නිසා මම මීට සති දෙකකට කලින් අවුකන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා මේ ගැන කතා කළා. උන්වහන්සේ කිසිදු විරුද්ධත්වයක් පළ කළේ නැහැ.
ඒ නිසා මම බොහෝම ගෞරවයෙන් කඨික සිවුරක් සකස් කර පෝයදා පූජා කළේ එදා අවුකන පිළිමය වන්දනාමාන කරන්න ආපු බැතිමතුන් ජිවමාන බුදුන් දැක්කා හා සමානයි කියා වන්දනාමාන කළා. සිවුර පොරවා පැය භාගයෙන් ඉවත් කරන්න තිබුණත් බැතිමතුන්ට වන්දනා මාන කරන්නයි පැය තුනක් තියන්න සිද්ධ වුණේ. මම කිසිදු වරදක් කරලා නැහැ.‘
යනුවෙනුයි.
කෙසේ වෙතත්, මෙරට මෙම පුද්ගලයා කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු බව අවුකන රජමහා විහාරයේ නායක හිමි පැවසුවත්, වෛද්‍යවරෙයක් ලෙස ඔහු පෙනී සිටියත් මෙරට වෛද්‍ය සභාවේ ඔහුගේ ලියාපදිංචියක් නොමැති බවයි තතු දත් ආරංචිමාර්ග පවසන්නේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරිය මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙම කටයුත්ත බරපතළ වරදක් බවයි. අප ගල්නෑව පොලිසියෙන් 28 වැනිදා විමසීමක් කළ විට දැනගැනීමට ලැබුණේ ඒ දක්වා විහාරාධිපති හිමියන්ගෙන් හෝ ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවයි.