ජනතාව හොම්බෙන් යද්දී මිල වැඩි කළ ලිට්‍රෝ වැඩ පෙන්නයි

ලිට්‍රෝ ගෑස් සමාගම මේ වන විට රුපියල් බිලියන 7ක පමණ ලාභයක් ලබන බව එහි සභාපති මුදිත පීරිස් අද (26) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා.

ඒ අනුව 2023 වසර ලිට්‍රෝ ගෑස් ඉතිහාසයේ වැඩිම ලාභ ලැබූ වසරක් ලෙස ඔහු හැඳින්වූවා. එම ලාභාංශවලින් තවත් මිලියන 1500ක් අද දින මහාභාණ්ඩාගාරයට ලබා දීමට කටයුතු කරන බවයි ඔහු පැවසූවේ.

කෙසේ වෙතත් මේ මස මුලදී ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල ගණන් ඉහළ දමනු ලැබුවා. එසේ ඉහළ දැමූ මිල ගණන් මෙසේ වෙනවා. 12KG සිලින්ඩරය රු. 685 – නව මිල – රු. 4250/- 5KG සිලින්ඩරය රු. 276 – නව මිල – රු. 1707/–2.5KG සිලින්ඩරය රු.127 – නව මිල – රු795/-

මේ මස කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ද වැඩිව තිබෙනවා. ජනතාව බොහෝ ප්‍රමාණයක් සිය ආහාර වේල් සීමා කර අමාරු ජීවන තත්වයක් ගෙවන බවයි පසුගිය දා සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles