කැනේඩියානු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙකුට දින පහක් ඇතුළත ඉන්දියාවෙන් පිටවෙන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.
පසුගිය ජුනි මාසයේ දී සීක් ජාතික හර්දීප් සිං වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සිදුවීමට ඉන්දීය රජයේ නියෝජිතයන් සම්බන්ධ බවට කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ චෝදනා කරනු ලැබුවා. මේ ප්‍රකාශයෙන් පසු කැනඩාව විසින් ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු නෙරපා හැරියා. නෙරපා හරින ලද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ඉන්දීය ඔත්තු සේවාවට අයත් අයෙකු බවයි කැනඩාව චෝදනා කරනු ලැබුවේ.
කෙසේ වෙතත් මේ වන විට කැනඩාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දෙදරා යමින් තිබෙනවා. කැනඩාවේ සීක් හිතවාදී ස්වාධීන කණ්ඩායම්වල විරෝධතා අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය කෝපයට පත් කර තිබෙන බවයි ඉන්දීය පුවත් ඒජන්සි සඳහන් කරන්නේ.