දකුණු පළාතේ පසුගිය දිනවල සිදුවු අපරාධ යළිත් සිදුනොවන ලෙසට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබෙනවා.
ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශවල පසුගිය දිනවල වෙඩි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අදාළ ප්‍රදේශවල ඊයේ (13) සංචාරයක නිරත වු අතර අනතුරුව කොස්ගොඩ පොලිස් ස්ථානයේ දී ගාල්ල සහ ඇල්පිටිය කොට්ඨාශවල ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් ද පවත්වා ඇති බව සඳහන් වෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ වාර්තා කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය, ප්‍රජා පොලිස් කොට්ඨාශය, පොලිස් විශේෂ කාර්යය බළකාය හා බුද්ධි අංශ ඇතුළු සියලු නිලධාරීන් කැඳවා මෙම අපරාධ විසඳීමේ දී එකිනෙක සම්බන්ධීකරණය වීම, තොරතුරු හුවමාරු කරගැනීම හා නිලධාරින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නියෝග ලබා දී ඇති බවයි දැනගන්නට ඇත්තේ
මෙම සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අනාවරණය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පොලිස්පතිවරයා එහිදි උපදෙස් ලබා දී ඇති බව වාර්තා වුණා.