ඉරාන ජනපති Ebrahim Raisi ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාර දීම සඳහා වන උත්සවයටයි ඔහු මෙසේ සහභාගිවීමට නියමිතව ඇත්තේ.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේදී ආරම්භ වූවක්. ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එක්වන මෙම ව්‍යාපෘතිය අප්‍රේල් 24 දා ජනතා අයිතියට පැවරෙනවා.
කෙසේ වෙතත්, ඉරානය මේ වන විට කලාපීය යුද උණුසුමකට මුහුණ දී සිටිනවා. ඊශ්‍රායෙලය සහ ඉරානය අතර සීතල යුද තත්වයක් මතුව පවතින අතර කලාපීය වශයෙන් තැතිගැන්මක් ඇතිව තිබෙනවා.