අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය හුදකලා සිද්ධියක් බවත් එය සමස්ත අධිකරණයේ හැසිරීම පිළිබිඹු නොකරන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (09)පාර්ලිමේන්තුවට පැවසුවා.
එහි දී ඔහු මෙසේ ද සඳහන් කළා.
“ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මෙතන ගැටුමක් නැහැ. එහෙම යෝජනාවක් නෑ. පාර්ලිමේන්තුව ඊයේ පක්ෂ භේදයෙන් තොරව තීරණයක් ගත්තා. මහජන මතයට එකඟ වෙන්න. ඊයේ පාර්ලිමේන්තුවේ පිළිඹිබු වුණේ මහජන මතය. එක් අධිකරණයක් දුන් නියෝගයක් පිළිබඳව යම් මතයක් තිබෙනවා. මේක විධායකය හා අධිකරණය අතර ගැටුමක් ලෙස අර්ථ නිරූපණය නොකළ යුතුයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අද මෙම යෝජනාව මහජන මතය ප්‍රබල ආකාරයට පෙන්නුම් කිරීමක්.ඒ හුදකලා සිද්ධිය ගැන අධිකරණය ගැන මේ පාර්ලිමේන්තුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. නීති ක්ෂේත්‍රය තුළ නීතිඥ ප්‍රජාව තුළ මේක අළු යට ගිණි පුපුරක් සේ කතා වෙමින් තිබුණු කාරණයක්. ඒක තමයි ඊය පුපුරලා ගියේ. නමුත් ඒ කතාව සන්නිවේදනය වුණු ආකාරය අනුව බොහෝ විනිසුරුවරුන් නීතිඥ අපහසුතාවයකට පත්වෙලා සිටිනවා.”