ඉටිහාල් ගෙන්වීමේ සීමා ඉවත් කරන්නැයි ජපන් ඇමැති ඉල්ලයි

ලංකාවේ සුපිරි හෝටල්වල සංචාරකයින්ට දෙන ජපානයේ ඉටි හාල්( Sticky Rice )ආනයනයට පවතින සීමා ලිහිල් කරන ලෙස ජපාන කෘෂිකර්ම අමාත්‍ය Norikasu Suzuki කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කලාපීය සමුළුවට සහභාගී වීමට පැමිණි කෘෂිකර්ම අමාත්‍යවරුන් හා ඉහළ නිලධාරීන් සමඟ පැවැත්වු ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී ජපාන කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට වී වගාවේ හෙක්ටයාර් එකකට ලැබෙන අවම අස්වැන්න පිළිබඳ කරුණු දැක්වූ මෙරට අමාත්‍යවරයා පවසා සිටියේ තවමත් නිසි පරිදි නව තාක්ෂණය යොදා නොගැනීම අස්වනු අඩුවීමට හේතුවක් වී ඇති බවයි. ජපානය විසින් භාවිතා කරන තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙල මෙරට ක්‍රියාත්මක කරන්නැයි මෙහිදී ජපාන රජයෙන් ඉල්ලීමක් ද ඔහු කර තිබෙනවා.

මෙරට අඹ, අන්නාසි වැනි පලතුරු ජපානයට අපනයනය කිරීම සඳහා පවතින බාධා සම්බන්ධවත්, කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම, පශු සම්පත් සංවර්ධනය සඳහා ජපානය භාවිතා කරන නව තාක්ෂණික උපක්‍රම මෙරට ගොවීන්ට ලබා දීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළ බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles