මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක කැමරා මාධ්‍යවේදියෙකු තියුණු ආයුධයකින් ඇන මරා දමා තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ රැග්ගහවිල පදිංචිව සිටි මහේෂ් ගුණසිංහ නමැති 36 හැවිරිදි දෙදරු පියෙක්.
මියගිය පුද්ගලයා කටුවස්ගොඩ පිහිටි හෝටලයක් සහ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන නිවසකට පැමිණි අවස්ථාවේදී මෙය සිදු වී ඇති බවත් එම නිවසේ හිමිකාර යුවළ විසින් ම රෝහල්ගත කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසනවා.