“අධිකරණයට චිත්‍රපට පෙන්වන්න එන්න එපා”: කෙහෙළියගේ ඇප ඉල්ලීමට විනිසුරුවරිය කියයි

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් රජයට අලෙවි කර රුපියල් කෝටි ගණනක් වංචා කිරීමේ නඩුකරයට අදාළව හිටපු සෞඛ්‍ය ආමාත්‍ය පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය ලබා දෙනු ලැබුවේ ඊයේ දිනයේ එම නඩුව මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

රෝගී තත්වයක් සම්බන්ධ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ බන්ධනාගාර නිලධාරීන් සැකකාර මන්ත්‍රීවරයා පෙබරවාරි 22 අධිකරණයට ඉදිරිපත් වන බවත් ඊයේ (15) නොපැමිණි බවත් දැනුම් දුන්නා.

එහිදී සැකකාර මන්ත්‍රීවරයාගේ නීතිඥ අනුජ ප්‍රේමරත්න විසින් අධිකරණයෙන් ඇප ඉල්ලීමක් කරනු ලැබුවේ, සැකකරුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් රූපසටහන් ප්‍රමාණයක් ඉදිරිපත් කරමින්.

“මගේ සේවාදායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි… ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ.. ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා. උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නෙක්.”

“ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්ත්වය තමයි රෑට නින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්ත්වයක්. ඔහුට නොදැනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ.”

“ස්වාමීනි, මේ වෙලාවේ බන්ධනාගාරයේ ඔය කියන රෝගී තත්ත්වයට ලබාදෙන්න ඕන ප්‍රතිකාර නැහැ.”

යනුවෙන් සැකකරුගේ නීතිඥවරයා ප්‍රකාශ කළ විට, මහසේත්‍රාත්වරියගේ ප්‍රතිචාරය වූයේ මෙවැන්නක්.

“කිසියම් සැකකරුවකුට රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට පිළිගත හැකි සත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි. නැතුව ෆොටෝකොපි ඉදිරිපත් කරලා ඒවා පිළිගන්න බැහැ. ඒවගේම අන්තර්ජාලයෙන් ලබාගත් රූප සටහන් අධිකරණයට ඉදිරිපත් කළාට ඒවා පිළිගත හැකි සාක්ෂි නොවෙයි. අධිකරණය ඉදිරියේ චිත්‍රපටි පෙන්වන්න අවස්ථාව දෙන්න බැහැ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles