ජ.වි.පෙ. ඉතිහාසය වෙනස් වෙයි: පැලවත්තේ දී IMF නියෝජිතයන් හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයින් සාකච්ඡාවක් සඳහා හමු වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ මෙම හමුව බ්‍රහස්පතින්දා (18) පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු වූ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජනබලවේගයේ ආර්ථික සභාවේ විධායක සභිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ එහි විධායක කමිටු සභික මුදිත නානායක්කාර යන අය මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ඔහු වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles