ඇමැති චානකගේ මාමා මැරූ ඝාතකයෝ රටින් පැනලා?

විදුලිබල සහ බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානකගේ මාමා වන ලලිත් වසන්ත නමැති අය ගාල්ල නගර මධ්‍යයේදී වෙඩි තබා ඝාතනය කළ කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනා රහසිගතව විදේශයකට පැන ගොස් ඇති බව පොලිසිය සැක පහළ කරන බව වාර්තා වෙනවා.

ඝාතන සැකකරුවන් සුජී විසින් ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වාගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.
මාස දෙකකට උඩදී සිදුවුණ මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකු අත්අඩංගුවට ගෙන නෑ.

ඇමැතිවරයාගේ මාමා වන මෙම ලලිත් වසන්ත නමැති අය පාතාල නායකයෙක් ලෙස සැලකෙන ඝාතනයට ලක් වූ රත්ගම විදුරගේ සමීප හිතවතෙක් බවයි ආරංචි මාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles