සේවකයින්ට අර්ථසාධක අරමුදල් නොගෙවූයේ යැයි කියන හෝටල් හිමියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් කම්කරු දෙපාර්තමේන්තු නිලධාරියෙකු වන මරදමුණේ පදිංචි ඉබ්‍රා ලෙබ්බේ අබ්දුල් නසාර් නමැති සැකකරු ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග කර තිබෙනවා.
අම්පාර කම්කරු කාර්යාලයේ සේවය කරන සැකකරු සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බව විමර්ශන කොමිසමේ උප පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.
හෝටල් හිමියා කරන ලද පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් දුරකතන වාර්තා හා කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන අල්ලස් භාරයට ගැනීමට විමර්ශන සිදු කරන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එහි දී ඉල්ලා සිටි බවයි සඳහන් වන්නේ.
සියලු කරුණු විමසා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන දහතුන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව වාර්තා වෙනවා.