ලෝකයේම අවධානය දිනාගත් කලාවැව ඇත් පරපුරේ අවසන් හස්තියාත් අහිමි වෙයි!

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා.

ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බවයි සඳහන් වන්නේ.

කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගනිමින් ජීවත්වූ කලාවැව ඇත් පරපුරේ අවසන් හස්තියා ලෙස දීඝදන්තු 1 හස්තියා හැඳින්විය හැකියි.

කලාවැවේ විශාලත්වයෙන් වැඩිම දළ යුගල සහ වයසින් වැඩිම හස්තියා වූ දීඝදන්තු 1 හස්තියා වාසය කරනු ලැබුවේ කලාවැව ජාතික වනෝද්‍යානය සහ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය කේන්ද්‍ර කරගනිමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles