බියර් සහ වයින් හල් ගැන රජය ගත් අලුත්ම තීරණය

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරිය මගින් අනුමත වු ස්ථාන සඳහා ලබා දුන් මෘදු (බියර් සහ වයින්) මත්පැන් අවසරය වහාම ක්‍රියාත්මක වන පරිධි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හොටෙල් , අපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයන ආයතන සඳහා ලබා දුන් බියර් සහ වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබා දී තිබූ අවසරය අවසන් වෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම නියෝග ලබා දී ඇත්තේ අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ දී අධිකරණය ලබා දුන් වාරණ නියෝගයක් අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles