ගංජා අපනයනය සහ ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව කෙටුම්පතක් සකස් කරමින් සිටින බව වාර්තා වෙනවා.
පණතක් සම්මත කරගැනීමට නම් ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරගත යුතු බව පසුගිය දා අධිකරණ අමාත්‍යවරයා පවසා තිබුණා.
කෙසේ වෙතත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුනේ වෛද්‍ය කටයුතු සඳහා පමණක් ගංජා වගා කළ හැකි වුවද දුම්පානයක් ලෙස ගැනීමට වගා කළ නොහැකි බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ මෙරට සමග අත්සන් කර ඇති ගිවිසුමක් නිසාවෙන් ගංජා වගා කළ හැක්කේ වෛද්‍ය සහ විද්‍යාත්මක අරමුණු සඳහා පමණක් බවයි වාර්තා වන්නේ.