රිය අනතුරක් කොට පළා යාමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේදී පොලිසියට විශාල කරදරයක් සිදුවූ අවස්ථාවක් වාර්තා වන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙන්.
අම්බලන්ගොඩදී උක්ත සැකකරු පදවාගෙන ගිය ජීප් රථය තවත් මෝටර් රථයක ගැටී ඇති අතර මේ සිදුවීමෙන් පසු ඔහු රථය නොනවත්වා නිවසටම ධාවනය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ගිය විට ඔහු මත්පැන් බී ඇතැයි සැක කළ පොලිසිය එය පරීක්ෂා කිරීමට සැරසුණු විට එය ප්‍රතික්ෂේප කර කොලහල කර තිබෙනවා. පසුව පරීක්ෂාව සඳහා බලපිටිය රෝහල වෙත ගෙන ගිය විට ද සැකකරු වෛද්‍යවරයාට තමාව පරීක්ෂා කිරීමට ඉඩ නොදී කරදරකාරී ලෙස හැසිරී තිබෙනවා.
ලංකාවේ ප්රමුඛ කල්බදු ආයතනයක ප්‍රධානියෙකු වන මොහු අත්අඩංගුවට ගත් විට පොලිස් ස්ථානයේ ජලනල පවා කඩමින් වියරුවෙන් මෙන් හැසිරුණ බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.