නුවන් හෙට්ටිආරච්චි
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 2022 වර්ෂයේදී පාඩුව රුපියල් කෝටි 2221 ක් බව සඳහන් වෙනවා.
එම වර්ෂයේදී ගුවන්තොටුපළේ මෙහෙයුම් වියදම රුපියල් කෝටි 203 ක්.
එසේම මෙහෙයුම් ආදායමට සාපේක්ෂව මෙහෙයුම් වියදම 26 ගුණයක් බැව් ද සඳහන්.
මේ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවේ සඳහන් වෙනවා.
2017 සිට 2022 දක්වා මෙම ගුවන්තොටුපොළ ලබා ඇති මුළු අලාභය රුපියල් කෝටි 4281 ක් බවයි සඳහන් වෙන්නේ.