යෞවනයට ගී ගැයූ සොඳුරු ගායකයා දිවි සැරියට සමුදෙයි

මෙරට සංගීත රසිකයින් අතර ජනප්‍රිය ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පීයෙකු සහ සංගීත නිර්මාණකරුවෙකු වන සේනක බටගොඩ අද (11) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.

අසනීප තත්ත්වයක් සඳහා රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ගැයූ ගීත අතර සිහින මවන්නැති, සැනසෙන්නම් මා, අපි කවුරුද, හීනවලට පණක්, නිදි නැති රැය, අපි සැනසිල්ලේ , අළු යට ගිනි යන ගීත රසිකයන් අතර මහත් ආදරයට පාත්‍ර වුණා.

පවුලේ හිතවතුන් සඳහන් කරන්නේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles